• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නැවත ආරෝපණය කළ හැකි බැටරි සඳහා භාවිත කරනු පිණිස ශ්‍රී ලංකා මිනිරන් වැඩිදියුණු කිරීම
- ශ්‍රී ලංකාව ඉතා උසස් තත්ත්වයේ මිනිරන් නිෂ්පාදනය කරන රටක් වන නමුත්, ඒවා අගය එකතු නොකර අමුද්‍රව්‍ය වශයෙන් අපනයනය කිරීම හේතුවෙන් එමඟින් මෙරටට ලැබෙන ආදායම පහළ අගයක් ගනී. එබැවින්, ඉහළ ආදායමක් ලබාගැනීමේ අරමුණින් ස්වාභාවික මිනිරන් වැඩිදියුණු කර, අගය එකතු කරනු ලැබූ නිෂ්පාදනයන් වශයෙන් අපනයනය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව, නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදනය සඳහා යොදාගත හැකි වන පරිදි යෝග්‍ය නවීකරණයන්ට බඳුන් කිරීම මඟින් මෙරට ස්වාභාවික මිනිරන් වැඩිදියුණු කිරීම සඳහා වන පර්යේෂණ ව්‍යාපෘතියක් ජාතික මූලික අධ්‍යයන ආයතනය (NIFS) මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.