• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විසල් වවුනියා ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
- වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ නිදන්ගත වකුගඩු රෝගයට දරුණු ලෙස ගොදුරු වී ඇති වවුනියාව දකුණ හා චෙඩ්ඩිකුලම් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වෙසෙන ජනතාවට සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය සැපයීමේ ප්‍රධාන අරමුණින් විසල් වවුනියා ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ චීනයේ M/s China National Complete Plant Import & Export Corporation Limited (COMPLANT) ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබනු ලැබ ඇති බවට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.