• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්නපුර හා බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාල සංකීර්ණයන් ඉදි කිරීම සඳහා ඉඩම් කොටස් ලබාගැනීම
- කම්කරු දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන රත්නපුර හා බදුල්ල කලාපයන්ට අයත් කම්කරු කාර්යාල, දිස්ත්‍රික් කම්කරු කාර්යාල හා දිස්ත්‍රික් කර්මාන්ත ශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාල කුලී පදනම මත ලබාගත් ගොඩනැඟිලිවල ස්ථාපනය කරනු ලැබ ඇත. මෙම කාර්යාලයන්හි සේවය ලබාගැනීම සඳහා දෛනිකව මහජනතාව විශාල සංඛ්‍යාවක් පැමිණෙන අතර, ඔවුන්ට ප්‍රමාණවත් පහසුකම් සැලසීමටත්, එකී කාර්යාලයන්හි කාර්යමණ්ඩලයට අවශ්‍ය ඉඩකඩ සැලසීමටත් එම කාර්යාල සඳහා ස්ථිර ගොඩනැඟිලි ඉදි කිරීමට යෝජනා වී ඇත.

ඒ අනුව, රත්නපුර හා බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාල සංකීර්ණ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ඉඩම් කොටස් ලබා ගැනීම පිණිස කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.