• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංඥා භාෂා පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකාවේ වෙසෙන ශ්‍රව්‍යාබාධිත ජනගහනය 389,677ක් බව වාර්තා වී තිබේ. ආබාධිතභාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මඟින් 'සංඥා භාෂාව' තදබල බිහිරිභාවයෙන් පෙළෙන තැනැත්තන්ගේ සන්නිවේදන භාෂාව වශයෙන් පිළිගනු ලැබ ඇත. පිළිගත් භාෂාවක් ලෙස සංඥා භාෂාව ස්ථාපිත කිරීම මඟින් බිහිරි තැනැත්තන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමටත්, රජය මඟින් සලසනු ලබන සේවාවන් වෙනසකින් තොරව ඔවුන් වෙත ලබා දීමටත් ඉඩ සැලසෙනු ඇත. එලෙස සමාන අවස්ථා සැලසීම මඟින් බිහිරි ප්‍රජාවගේ ආත්ම අභිමානය ද ඉහළ නැංවෙනු ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ පිළිගත් භාෂාවක් ලෙස සංඥා භාෂාව ස්ථාපනය කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසීමේ අරමුණින්, යෝජිත සංඥා භාෂා පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.