• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ගුවන් සේවා ගනුදෙනු පිළිබඳ 10 වන සම්මන්ත්‍රණය
- ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් සේවා සාකච්ඡා සම්මුති සම්මන්ත්‍රණය (International Civil Aviation Negotiation Conference - ICAN) මඟින් රාජ්‍යයන් අතර ගුවන් සේවා අයිතීන් (Traffic Rights) පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. දසවන වරට පැවැත්වෙන එම සම්මන්ත්‍රණය 2017 වර්ෂයේ දෙසැම්බර් 04 සිට 08 දින දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට මේ වන විට කටයුතු සංවිධානය කෙරෙමින් පවතියි. ඒ සඳහා සත්කාරකත්වය දැරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමකට එළඹීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.