• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රිටිගල යාන් ඔය ජාතික උද්‍යානය සහ මායිම් සංශෝධනය කරන ලද හොරොව්පොතාන ජාතික උද්‍යානය ප්‍රකාශයට පත් කිරීම
- දිවයිනේ උතුරු, උතුරු මැද හා වයඹ පළාත්වල අවතැන්වන අලි ඇතුන් සහ පැටවුන් රැකබලා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දෙවන ඇත් අතුරු සෙවණ ලෙස 'රිටිගල ඇත් අතුරු සෙවණ' ස්ථාපිත කරනු ලැබ තිබේ. එම ඇත් අතුරු සෙවණ සහ ඊට යාබද වනාන්තර ප්‍රදේශය ද ඇතුළත් වන හෙක්ටයාර 427.8ක භූමි ප්‍රමාණය, 'රිටිගල - යාන් ඔය ජාතික උද්‍යානය' ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා වී තිබේ.

එමෙන්ම අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා නිතර ගම් වදිමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන වනඅලින් අල්ලා ගාල් කිරීම පිණිස හොරොව්පොතාන ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති වනඅලි රැඳවුම් මධ්‍යස්ථානය ආශ්‍රිත භූමි ප්‍රදේශය ද ඇතුළත් 'හොරව්පොතාන ජාතික උද්‍යානය' එහි මායිම් සංශෝධනය කර නැවත ප්‍රකාශයට පත් කළ යුතුව තිබේ. ඒ අනුව, රිටිගල යාන් ඔය ජාතික උද්‍යානය සහ මායිම් සංශෝධනය කරන ලද හොරොව්පොතාන ජාතික උද්‍යානය ප්‍රකාශයට පත් කිරීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.