• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය ප්‍රදේශවල පාලම් ඉදි කිරීම
- ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ, නගරයට පමණක් නොව ඈත පිහිටි ගම්මානවලට ද ළඟා කර දීමේ අරමුණින්, රට තුළ මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සදහා රජය ප්‍රමුඛතාව ලබා දී තිබේ. ඒ යටතේ ග්‍රාමීය ප්‍රදේශවල පාලම් 3,500ත් 4,000ත් අතර ප්‍රමාණයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, එක්සත් රාජධානියේ හා නෙදර්ලන්තයේ මූල්‍ය සහාය ඇතිව මෙවැනි පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘති දෙකක් දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

එසේම හංගේරියානු සහ බෙල්ජියම් රජයන් ද ග්‍රාමීය ප්‍රදේශවල පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘති සදහා මූල්‍ය සහාය ලබා දීමට ඉදිරිපත්ව ඇත. ඒ අනුව, එම රජයන්ගේ මූල්‍ය සහාය ද ඇතිව ග්‍රාමීය ප්‍රදේශවල පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කැඳවීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත බලය පැවරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.