• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෛව සුරක්ෂිතතා පනත් කෙටුම්පත
- ස්වාභාවික හේතූන් සහ විවිධ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ‍ජෛව විවිධත්වයේ තිරසර පැවැත්මට බලපෑම් එල්ල වේ. ජෛව තාක්ෂණයේ දියුණුව තුළින් බිහි කරන ලද, ජාන වෙනස් කිරීමට බඳුන් කරන ලද ජීවීන් අනාරක්ෂිත ලෙස පරිසරයට මුදා හැරීම ද ජෛව විවිධත්වයට තර්ජනයක් වන එවැනි මානව ක්‍රියාකාරකමක් බව පිළිගැනේ. මෙම තර්ජනයෙන් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට සිදු විය හැකි හානි අවම කරගැනීම සඳහා පියවර ගැනීම කාලීන අවශ්‍යතාවකි.

'ජෛව සුරක්ෂිතතාව පිළිබඳ කාර්ටිජිනා සන්ධානයට (Cartagena Protocol on Bio-safety)' ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවෙකු වන බැවින් ජෛව තාක්ෂණයේ දියුණුව තුළින් බිහි කරන ලද ජීවීන් භාවිතය, ප්‍රවර්ධනය කිරීම තුළින් නිපැයීම් කිරීම, අලෙවිකරණය, වාණිජ කටයුතුවලට යොදා ගැනීම, ප්‍රවාහනය, ආනයනය, අපනයනය, ප්‍රතිඅපනයනය, පැවරීම, බැහැර කිරීම හා මුදා හැරීම ආදී කටයුතු මානව සෞඛ්‍යයට හා ජෛව විවිධත්වයට අවදානමක් නොවන පරිදි හෝ අවම අවදානමක් ඇති වන පරිදි සිදු කිරීමට අවශ්‍ය නෛතික විධිවිධාන සැලසිය යුතුව තිබේ. ඒ සඳහා ජෛව සුරක්ෂිතතාව පිළිබඳ නව පනතක් හඳුන්වා දීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.