• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගම්මිරිස් මිල පහළ යාම කළමනාකරණය සඳහා යන්ත්‍රණයක් සකස් කිරීම
- ජාත්‍යන්තර වෙළඳ පොළ තුළ සහ දේශීය වෙළඳ පොළ තුළ ගම්මිරිස් මිල පහළයාම හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින ගම්මිරිස් වගාකරුවන්ගේ ජීවනෝපාය හා අදායම් සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2017‑08‑09 දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරන ලදී.

එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ පරිදි, වියළි ගම්මිරිස් කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 900/-ක සහතික මිලක් පවත්වා ගෙන යාමටත්, යෝජිත සහතික මිල හා පවත්නා වෙළඳපොළ මිල අතර වෙනස සැලකිල්ලට ගෙන, කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 150/-ක උපරිමයකට යටත්ව, රජයේ සහනාධාරයක් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමටත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය‍ දයා ගමගේ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. වෙළඳපොළේ වියළි ගම්මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 900/- ඉක්මවන තෙක් පමණක් මෙම සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත.