• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහා නගර සභා ආඥාපනත, නගර සභා ආඥාපනත සහ ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීම
- පළාත් පාලන ආයතන සඳහා සභිකයින් තෝරා පත් කරගැනීමේ නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් විධිවිධාන ඇතුළත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත (සංශෝධන) පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඊට සමගාමීව පළාත් පාලන ආයතනයක සභික සංඛ්‍යාව තීරණය කිරීමේදී කොට්ඨාස මට්ටමින් තේරී පත්වීමට නියමිත සභික සංඛ්‍යාවෙන් 40%ක ප්‍රමාණයක් නොඉක්මවන අමතර සභිකයින් සංඛ්‍යාවක් ලැයිස්තුවක් මඟින් තෝරා පත් කරගැනීමට හැකියාව ලැබෙන පරිදි ඒ සදහා දැනට පවතින නීතිමය විධිවිධාන සංශෝධනය කළ යුතුව තිබේ.

ඒ සඳහා විධිවිධාන සලසමින්, 2012 අංක 21 දරන පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත මඟින් සංශෝධිත මහනගර සභා ආඥාපනතේ 5 වන වගන්තිය, නගර සභා ආඥාපනතේ 5 වන වගන්තිය සහ ප්‍රාදේශීය සභා පනතේ 4 වන වගන්තිය සංශෝධනය කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.