• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පොලීසියේ නාගරික රථවාහන ගොඩනැඟිල්ල ඉදි කිරීමේ කටයුතු සම්පූර්ණ කිරීම
- ශ්‍රී ලංකා පොලීසිය සඳහා මහල් 11කින් සමන්විත නාගරික රථවාහන ගොඩනැඟිල්ලක් කොළඹ 12, මිහිඳු මාවතෙහි ඉදි කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබ ඇති අතර ඉන් මුල් කොන්ත්‍රාත්තුව යටතේ මහල් 03ක් ඉදි කරනු ලැබ තිබේ. එහි ඉතිරි ඉදි කිරීම් කටයුතු අවසන් කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 388.5ක මුදලකට CML - MTD Construction Ltd. වෙත පිරිනැමීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.