• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නඩුකුඩා ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ මන්නාරම ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම
- ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට අයත් සම්ප්‍රේෂණ ජාලය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ නඩුකුඩා ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ මන්නාරම ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ කර ඇති පරිදි, රුපියල් මිලියන 2,697.96ක මුදලකට M/s Seimens Ltd., India වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.