• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීම සඳහා වූ සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ග්‍රිඩ් උපපොළ 4ක් ඉදි කිරීම
- ඉදිරියේදී ප්‍රධාන ජාලයට එක් කිරීමට නියමිත කුඩා ජල විදුලි බලාගාර මඟින් නිපදනවනු ලබන විදුලිබලය ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියට එක් කිරීම පිණිස නා‍වලපිටිය, රාගල, වේවැල්වත්ත හා මාලිබොඩ යන ප්‍රදේශයන්හි ග්‍රිඩ් උපපොළ 04ක් සහ ඊට අදාළ සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතියේ සිවිල් වැඩ, නිර්මාණ, අදාළ උපකරණ සම්බන්ධ කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,233ක මුදලකට, M/s Ceylex Engineering (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.