• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රිකුණාමලය මහ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයද හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය බහුල ලෙස ව්‍යාප්ත වී ඇති දිස්ත්‍රික්කයකි. එබැවින්, මුල් අවස්ථාවේදීම මෙම නිදන්ගත වකුගඩු රෝගය හඳුනා ගැනීමට හා ඉන් සිදුවන මරණ වළක්වා ගැනීම සඳහා රුධිර කාන්දුපෙරණ, වාට්ටු සායන සහ රසායනාගාර පහසුකම් සහිතව වකුගඩු ප්‍රතිකාර ඒකකයක් ත්‍රිකුණාමලය මහ රෝහලේ ඉදි කිරීමට රජය සැලසුම් කර තිබේ.

ඒ අනුව, එම වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 249.32ක මුදලකට M/s Electro Metal Pressings (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.