• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද උරස් ප්‍රතිකාර සංකීර්ණය ඉදි කිරීම (අදියර II)
- ළමා රෝග සඳහා ප්‍රතිකාර කරනු ලබන, ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම රෝහල වන රිජ්වේ ආර්යා ළමා රෝහල මඟින් සපයනු ලබන රෝගී සත්කාරක සේවාවන් තවදුරටත් වැඩිදියුණු කිරීමට රජය කටයුතු කරමින් සිටියි. ඒ අනුව, උසස් ගුණාත්මකභාවයකින් යුතුව හෘද උරස් ප්‍රතිකාර සේවා සැපයීම සහ වෛද්‍ය පර්යේෂණ සඳහා වන පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම රෝහලේ ‍හෘද උරස් ප්‍රතිකාර ඒකකයේ දෙවෙනි අදියරේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

එම ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 159.94ක මුදලකට M/s Electro Metal Pressings (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.