• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනය සඳහා පර්යේෂණ ඒකකයක් ඉදි කිරීම
- තහනම් උත්තේජක ද්‍රව්‍ය භාවිතය පිටුදැකීම, ඒ පිළිබඳ පර්යේෂණ සිදු කිරීම සහ තහනම් උත්තේජක ද්‍රව්‍ය සම්බන්ධව කටයුතු කරනු ලබන අන්තර්ජාතික සංවිධාන සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීම යන අරමුණු පෙරදැරි කරගනිමින්, 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී තහනම් උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ ප්‍රතිපාදන යටතේ 'ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනය' පිහිටුවනු ලැබ තිබේ.

මෙම නියෝජ්‍යායතනය සඳහා ගොඩනැඟිල්ලක් සුගතදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ දැනට ඉදි වෙමින් පවතී. ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක චෝදනාවන්ට ලක්වීමේ අවදානම අවම කිරීමේ අරමුණින් ඊට අදාළ පර්යේෂණ කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය රසායනාගාර පර්යේෂණ ඒකකයක් ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යාතනය සඳහා දැනට ඉදි වෙමින් පවතින ගොඩනැඟිලි පරිශ්‍රය තුළ ඉදි කිරීමට හා ඊට අවශ්‍ය උපකරණ සැපයීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.