• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ අන්තර්ජාතික සමුළු පැවැත්වීම
- ශ්‍රී ලංකාව සාමාජිකත්වය දරන ආසියානු ඵලදායිතා සංවිධානය (APO), අප්‍රිකානු - ආසියානු ග්‍රාමීය සංවර්ධන සංවිධානය (AARDO) සහ ආසියා පැසිපික් රටවල් සඳහා ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන මධ්‍යස්ථානය (CIRDAP) යන සංවිධාන සමඟ එක්ව, අන්තර්ජාතික සමුළු දෙකක් සංවිධානය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව, කෘෂිකර්මාන්තයේ ආපදා අවදානම කළමනාකරණය කරගැනීම සහ දේශගුණ විපර්යාසවලට සාර්ථකව මුහුණදීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති, වැඩසටහන් හා සැලසුම් සමාලෝචනය කිරීම සහ ඊට ගැළපෙන තිරසර සංවර්ධන උපායමාර්ග සංවර්ධනය කිරීමේ අරමුණින් ‘කෘෂිකර්මාන්තයේ ආපදා අවදානම කළමනාකරණය හා කාලගුණ විපර්යාසවලට අනුවර්තනය වීම’ යන මැයෙන් වූ වැඩමුළුවක් 2017 සැප්තැම්බර් මස 11 සිට 15 දක්වාත්, ගෝලීය වෙළඳපොළ තුළ ඇති ප්‍රධාන ආහාර වර්ගවල සුරක්ෂිතතාව පිළිබඳ දැනුම, නව සංවර්ධන ක්‍රම හා කෘෂි ආහාර කර්මාන්තයේ උසස් ආහාර සුරක්ෂිත සම්මතයන් හඳුනාගැනීම හා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් 'ආහාර සුරක්ෂිත ප්‍රමිතීන් ශක්තිමත් කිරීම පිළිබඳ අන්තර් ජාතික සමුළුවක්', 2017 ඔක්තෝබර් මස 31 සිට නොවැම්බර් මස 02 දින දක්වාත් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.