• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ද්‍රවීකෘත ස්වාභාවික වායු (Liquid Natural Gas -LNG) මඟින් විදුලි බලය ජනනය කිරීම හා ඊට අවශ්‍ය යටිතල පහසුකම් ඉදි කිරීමට අදාළ රාජ්‍ය ප්‍රතිපත්තිය
- ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම, විදුලිබල ක්ෂේත්‍රය සඳහා යොදා ගනු ලබන ඉන්ධන විවිධාංගීකරණය කිරීම සහ විදුලි ජනන වියදම අවම කිරීම යන කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, ද්‍රවීකෘත ස්වාභාවික වායු (Liquid Natural Gas -LNG) මඟින් විදුලි බලය ජනනය කිරීම හා ඊට අවශ්‍ය යටිතල පහසුකම් ඉදි කිරීමට අදාළ රාජ්‍ය ප්‍රතිපත්තිය තීරණය කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා විශේෂ කාර්යභාර අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් 2017-07-18 දින අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලදී.

එම අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් නිර්දේශ කර ඇති පරිදි, ශ්‍රී ලංකාවේ විදුලිබල ජනනය සඳහා ඉන්ධනයක් ලෙස ස්වාභාවික වායුව යොදා ගැනීම ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගැනීමටත්, 2019 වර්ෂය වන විට මෙගා වොට් 1,000ක පමණ ධාරිතාවකින් යුත් ස්වාභාවික වායු විදුලිබලාගාර මෙරට ක්‍රියාත්මක කිරීමටත්, ද්‍රවීකෘත ස්වාභාවික වායු මෙරටට ආනයනය කිරීම හා ගොඩබෑම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් වැඩිදියුණු කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.