• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ සේවකයින් සඳහා රාගම ප්‍රදේශයේ මැදි ආදායම් නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
- මැදි ආදායම් ලබන කණ්ඩායම් වලට අවශ්‍ය නිවාස 500,000ක් ඉදිරි වසර 05 තුළ ඉදි කිරීම රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මැදි ආදායම් නිවාස සංවර්ධන වැඩසටහනේ අරමුණයි. ශ්‍රී ලංකාවේ මැදි ආදායම් ලබන තැනැත්තන්ගෙන් වැඩි පිරිස රාජ්‍ය අංශයේ හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින් බව හඳුනා ගනු ලැබ තිබේ.

ඒ අනුව, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා දැරිය හැකි මිලකට නිවාස සැපයීම අරමුණු කර ගනිමින්, ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු, රාගම ප්‍රදේශයේ පිහිටි අක්කර තුනක (03) ඉඩම් කොටසක් සංවර්ධනය කර මහල් නිවාස ඒකක 400 කින් යුතු නිවාස ව්‍යාපෘතියක් ඉහත වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.