• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හෝමාගම (තාක්ෂණික නගරය) ප්‍රදේශය තුළ මාර්ග යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම
- බස්නාහිර කලාපීය මහානගර සැලැස්මට අනුව ක්‍රියාත්මක කෙරෙන තාක්ෂණ නගර සංවර්ධන වැඩසටහන යටතේ හෝමාගම - පිටිපන තාක්ෂණ නගරය ආශ්‍රිත මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි රජය අවධානය යොමු කර තිබේ. ඒ යටතේ, මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කරමින් එම ප්‍රදේශය ජාතික ප්‍රවාහන ජාලය හා මන‍ාව සම්බන්ධ කිරීම අරමුණු කරගනිමින්, රුපියල් මිලියන 3,143ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ, පහත සඳහන් පරිදි නව මාර්ග දෙකක් ඉදි කිරීමටත්, දැනට පවතින මාර්ග තුනක් වැඩිදියුණු කිරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* කොට්ටාව සිට මාහේන්වත්ත දක්වා කිලෝමිටර 6.18ක දිගින් යුත් මංතීරු හතරක නව නව ප්‍රවේශ මාර්ගයක් ඉදි කිරීම.

* මාහේන්වත්ත පර්ෂදය තුළ පිහිටි රාජ්‍ය විශ්වවිද්‍යාලවල කිලෝමීටර 1.7ක දිගින් යුතු අභ්‍යන්තර මාර්ග ඉදිකිරීම.

* දම්පේ - පිටිපන මාර්ගයද ඇතුළුව, පිටිපන - තලගල මාර්ගයේ කිලෝමීටර 8.83ක් වැඩිදියුණු කිරීම.

* කිලෝමීටර 2.9ක දිගින් යුතු උඩුවන පන්සල හන්දිය මාර්ගය වැඩිදියුණු කිරීම.

* කහතුඩුව සිට කොට්ටාව - තලගල මංසන්ධිය දක්වා කිලෝමීටර 3ක දිගින් යුතු ප්‍රවේශ මාර්ගය වැඩිදියුණු කිරීම.