• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු පළාතේ පිහිටි තෝරාගත් රෝහල් සංවර්ධනය කිරීම - (DRIVE Project)
- උතුරු පළාතේ ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීම සහ ජනතාව නැවත පදිංචි කරන ලද ප්‍රදේශවල සෞඛ්‍ය යටිතල පහසුකම් තවදු‍රටත් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් එම පළාතේ තෝරාගත් රෝහල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව නෙදර්ලන්ත රජයේ මූල්‍ය සහ‍ාය සහ ඒකාබද්ධ අරමුදලේ දායකත්වයද සහිතව උතුරු පළාතේ පිහිටි කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව යන දිස්ත්‍රික් මහ රෝහල් සහ පේදුරුතුඩුව හා මාන්කුලම් යන මූලික රෝහල් සංවර්ධනය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.