• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාම්ප්‍රදායික සහ අනුපූරක ඖෂධ පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය, අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ වෙළඳ ප්‍රදර්ශනය
- රෝග විනිශ්චය කිරීමේදී, රෝග කළමනාකරණයේදී සහ රෝග නිවාරණයේදී සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවල පවතින සාක්ෂි මත පදනම් වූ භාවිතයන් සහ ගුණාත්මකභාවයෙන් හා ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන නවීන විද්‍යාව හා තාක්ෂණය ඇසුරෙන් සංවර්ධනය කිරීම කෙරෙහි විද්වත් අවධානය යොමු වී තිබේ. මේ පිළිබඳ විශේෂඥතාවය සහ නව දැනුම හුවමාරු කරගැනීමේ අරමුණින් TradMed International 2017 - Sri Lanka නම් වූ අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් සහ අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනයක් 2017 නොවැම්බර් මස 23 සිට 25 දින දක්වා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් කොළඹදී පැවැත්වීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.