• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඔස්ට්‍රියානු සහන ණය යෝජනා ක්‍රමය යටතේ රජයේ රෝහල් සඳහා ගිලන් රථ 100 ක් ලබාගැනීම
- අවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම්වලින් සමන්විත ළඟම පිහිටි රෝහල වෙත කාර්යක්ෂමව හා ආරක්ෂිතව රෝගීන් ප්‍රවාහනය කිරීම ගුණාත්මක සෞඛ්‍ය සත්කාරක සේවාවක් සැපයීමේදී ඉතා වැදගත් වේ. ඒ අනුව, අවශ්‍ය ජීවිතාරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත ගිලන් රථ 100ක්, තෝරාගත් රජයේ රෝහල් වෙත ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා යුරෝ මිලියන 9.8 ක සහන ණය මුදලක් ලබාගැනීමට ඔස්ට්‍රියාවේ රෙයි‍ෙෆයිසන් බැංකුව (Raiffeisen Bank of Austria) සමඟ ණය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.