• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු පළාතේ පාසල්වල ගුරු පුරප්පාඩු පිරවීම
- වසර 30ක් පුරා පැවති ගැටුම්වල ප්‍රතිඵලයක් වශයෙන් උතුරු පළාතේ උග්‍ර ගුරු හිඟයක් පවතින අතර, ඒ අතුරින් සිංහල මාධ්‍ය ගුරු හිඟයද බරපතල ගැටලුවක්ව පවතියි. මෙම තත්ත්වයට පිළියමක් ලෙස ගැටුම් පැවති දුෂ්කර සමයේ සිට උතුරු පළාතේ සිංහල මාධ්‍ය පාසල්වල කොන්ත්‍රාත් පදනම මත සේවයෙහි නියුතු ගුරුවරුන් අතරින්, ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව මූලික සුදුසුකම් සම්පූර්ණ කරනු ලැබ ඇති ගුරුවරුන් ගුරු සේවයෙහි ස්ථිර කාර්යමණ්ඩලයට අන්තර්ග්‍රහණය කරගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.