• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ආපදාවට ලක් වූ නිවාස හිමියන් වෙත සහන සැලසීම
- උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උම‍ඟේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ පරිදි, විපතට පත් පවුල් සඳහා තවදුරටත් සහන සැලසීමේ අරමුණින් පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.

බලපෑමට ලක් වූ නිවාසවල පදිංචියෙන් දැනට ඉවත් කරනු ලැබ ඇති පවුල් සඳහා, එම පවුල් විකල්ප ඉඩම්වල නැවත පදිංචි කරවනු ලබන තෙක්, මාස 06ක උපරිම කාලසීමාවකට යටත්ව, රජයේ තක්සේරුකරුගේ නිර්දේශය අනුව රුපියල් 10,000/- සිට රුපියල් 25,000/- මාසික නිවාස කුලී දීමනාවක් ගෙවීම.

විපතට පත් වූ පවුල් සඳහා දැනට ලබාදෙන වියළි සලාක තවත් මාස 06ක කාලයක් සඳහා ලබා දීම.