• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම හා ජීවන තත්ත්වය සුරක්ෂිත කිරීම
- පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන සැලසීමට රජය විසින් මේ වන විට පහත සඳහන් ක්‍රියාමාර්ග ගනු ලැබ ඇති බවත්, එම සහන සැලසීමේ කටයුතු ඉදිරි මාස 02 තුළද අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බවත් අවධාරණය කරමින් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ සටහන අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී:

* විපතට පත් දිස්ත්‍රික්ක 20ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 117ක පදිංචි පවුල් 240,338ක් සඳහා පානීය ජලය සැපයීම.

* නියං සහනාධාර ලෙස මසකට රුපියල් 5,000/-ක් වටිනා වියළි සලාකයක් ලබා දීම.

* වනජීවීන් සඳහා ජලය සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.

* මුදල් අපහසුතාවන්ට මුහුණ දී ඇති සමුපකාර සමිති වෙත දිස්ත්‍රික් ලේකම්වරුන් මඟින් අත්තිකාරම් නිකුත් කිරීම.