• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැලිසර පිහිටි නාවික මහ රෝහලේ (කොළඹ) වහලය මත සූර්ය බලශක්ති පද්ධතියක් සවි කිරීම
- නාවික හමුදාව සතු ප්‍රධානතම රෝහල වැලිසර නාවික සංකීර්ණයේ පිහිටි ඇඳන් 200කින් සමන්විත රෝහලයි. මෙම රෝහල පවත්වාගෙන යාමේදී විදුලිය සඳහා වැය වන අධික පිරිවැය අවම කරගැනීමේ අරමුණින් එම රෝහලේ වහලය මත ජාතික විදුලිබල ජාලයට සම්බන්ධ කෙරෙන කි.වො.450 සූර්ය බලශක්ති පද්ධතියක් සවි කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.