• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුලතිව් දිස්ත්‍රික්කයේ කෙප්පාපිලව් ගම්මානයේ නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් නිදහස් කරගැනීම
- උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල පැවති ගැටුම් හේතුවෙන් අවතැන් වූ ජනතාව සිය ගම්බිම්වල නැවත පදිංචි කිරීම සඳහා රජය ප්‍රමුඛතාව දී තිබේ. කලින් සාමාන්‍ය ජනතාව සතුව පැවති ඉඩම්වල පිහිටුවා ඇති සිය කඳවුරු වෙනත් ස්ථානවල පිහිටුවීම මඟින් ආරක්ෂක හමුදා මෙයට සහාය දක්වනු ලබයි. ඒ අනුව, ආරක්ෂක හමුදා භාරයේ පැවති මුලතිව් දිස්ත්‍රික්කයේ කෙප්පාපිලව් ගම්මානයේ පිහිටි පෞද්ගලික ඉඩම් අක්කර 432ක් මේ වන විට නිදහස් කරනු ලැබ ඇති අතර, තවත් පෞද්ගලික ඉඩම් අක්කර 111ක් අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා නිදහස් කිරීමට යුද හමුදාපතිවරයා එකඟ වී තිබේ. ඒ අනුව එකී ඉඩම් ප්‍රමාණය නිදහස් කරගැනීම සඳහා එම ඉඩම්වල පිහිටි හමුදා කඳවුරු වෙනත් ස්ථාවල ස්ථාපනය කිරීමට අවශ්‍ය අරමුදල් වෙන්කරවා ගැනීම පිණිස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.