• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 වර්ෂයේ ජුනි මස 15 සහ 16 යන දිනයන්හිදී බේරුවල, අලුත්ගම යන ප්‍රදේශවල සිදු වූ අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් මියගිය තැනැත්තන්ගේ පවුල්වලට හා තුවාල ලැබූ තැනැත්තන්ට වන්දි ප්‍රදානය කිරීම
- 2014 වර්ෂයේ ජුනි මස 15 සහ 16 යන දිනයන්හිදී බේරුවල, අලුත්ගම යන ප්‍රදේශවල සිදු වූ අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් පුද්ගලයින් 03 දෙනෙකු මිය ගොස් 12 දෙනෙක් තුවාල ලැබූහ. විපතට පත් තැනැත්තන් හා සම්බන්ධ සානුකම්පිත කරුණු සැලකිල්ලට ගනිමින් එම සිද්ධියෙන් මියගිය එක් තැනැත්තෙකු වෙනුවෙන් රුපියල් මිලියන 02ක් බැගින් ඔවුන්ගේ පවුල් වෙත වන්දි පිරිනැමීමටත්, එම සිද්ධියෙන් තුවාල ලැබූ එක් අයෙකු වෙනුවෙන් උපරිමය රුපියල් 500,000/-ක් දක්වා වන්දි ප්‍රදානය කිරීමටත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.