• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 70 වන සංවත්සර සැමරුම
- 1947 වර්ෂයේ ඔක්තෝබර් මස 14 දින ඇරඹුණු මෙරට පාර්ලිමේන්තු ක්‍රමයට වසර 70ක් සපිරීම නිමිත්තෙන්, 'ශ්‍රී ලංකාවේ 70 වසරක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය’ සැමරීම සඳහා සාක් රටවල ගරු කථානායකතුමන්ලාගේ සමුළුවක් 2017 ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමටද කටයුතු සංවිධානය කරනු ලැබ තිබේ.

ඊට සමගාමීව 1947 සිට මේ දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සම්බන්ධ ‍ෙඑතිහාසික තොරතුරු, දත්ත හා ඡායාරූප ඇතුළත් සමරු වෙළුමක් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන්ම සම්පාදනය කිරීමට යෝජනා වී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 03ක අරමුදල් සලසා ගැනීම පිණිස ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.