• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිකරණ ස්වයංක්‍රීයකරණ (Court Automation) ව්‍යාපෘතිය
- මෙරට අධිකරණ ක්ෂේත්‍රය තුළ පවතින ප්‍රධානතම ගැටලුව බවට පත්ව ඇත්තේ නඩු කටයුතුවලදී ඇති වන ප්‍රමාදයයි. නීති ප්‍රතිසංස්කරණ, අධිකරණයන්හි යටිතල පහසුකම් සංවර්ධනය, අධිකරණ ස්වයංක්‍රීයකරණය සහ ධාරිතා සංවර්ධනය යන උපායමාර්ග හතර ඔස්සේ මෙම ගැටලුවට විසඳුම් සෙවීමට රජය විසින් කටයුතු ‍ෙකරෙමින් පවතියි. ඒ අතුරින්, ‘අධිකරණ ස්වයංක්‍රීයකරණය’ ව්‍යාපෘතිය යටතේ නඩු ගොනු කිරීම හා නඩු ගොනු කළමනාකරණය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් අධිකරණයන්හි ස්ථාපිත කිරීමට අපේක්ෂිත අතර, 2016 අයවැය මඟින් ඒ සඳහා රුපියල් මිලියන 500ක අරමුදල් වෙන් වී තිබේ. මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ඒ සඳහා තාක්ෂණික හා මූල්‍ය හැකියාවක් සහිත ආයතන වෙතින් යෝජනා කැඳවීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.