• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන පිළිසකර කිරීම
- හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා විසින් 1987 වර්ෂයේදී ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද රන් වියන 2002 වර්ෂයේදී රන් ආලේප කර පිළිසකර කරන ලද අතර, එය මේ වන විට අවපැහැ ගැන්වී පිළිසකර කළ යුතු තත්ත්වයට පත්ව තිබේ. ඒ අනුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ බුද්ධ ශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් සැලකිල්ලට ගෙන, 2017 වර්ෂය සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය යටතේ වෙන් වී ඇති අයවැය ප්‍රතිපාදන උපයෝගි කරගනිමින්, රුපියල් මිලියන 44.89ක ඇස්තමේන්තුගත පිරිවැයකින් එම රන් වියන පිළිසකර කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතිය ලබා දෙන ලදී.