• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉතා පහළ ආදායම් ලබන පවුල් 600ක් සඳහා නිවාස ඉදි කර දීම
- ශ්‍රී ලංකාවේ වෙසෙන පවුල් 216,197ක් සඳහා නිවසක් හෝ නිවසක් ඉදි කරගැනීම සඳහා ඉඩමක් නොමැති බව 2016 වර්ෂයේදී පවත්වන ලද නිවාස අවශ්‍යතා සමීක්ෂණය මඟින් හෙළි වී තිබේ. එම පවුල් සඳහා නිවාස ලබා දීමේ වැඩපිළිවෙළක් රජය විසින් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක ‍ෙක‍ෙරමින් පවතී. මෙම වැඩසටහන යටතේ, ඉතා පහළ ආදායම් මට්ටමක් සහිත පවුල් 600කට නිවාස ඉදි කර දීම සඳහා අවශ්‍ය මූල්‍යාධාර සැපයීමට ඉන්දියානු රජය එකඟ වී තිබේ.

ඒ අනුව, ඉන්දියානු ජනරජය විසින් පිරිනමනු ලබන ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මූල්‍යාධාර ලබාගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමටත්, එම මූල්‍යාධාර යොදා ගනිමින් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ඉතාම පහළ අදායම් ලබන පවුල් ඉලක්ක කර ගනිමින් නිවාස 600ක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් 'සැමට සෙවණ ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.