• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැල්ලවත්ත ඇළ රක්ෂිතය තුළ අනාරක්ෂිතව පිහිටුවා ඇති ගොඩනැඟිලි ප්‍රතිස්ථාපනය කිරීම
- වැල්ලවත්ත ඇළ රක්ෂිතය තුළ අනවසරයෙන් ඉදි කර තිබූ ගොඩනැඟිල්ලක් පසුගියදා කඩා වැටීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදී ශ්‍රී සුගත විහාරය හා එම විහාරයට අනුබද්ධ ළමා නිවාසය එම ස්ථානයට නුදුරින් අනාරක්ෂිතව පිහිටුවා ඇති බවට නිරීක්ෂණය කරනු ලැබ ඇත. ඒ අනුව, එම විහාරය හා ඊට අනුබද්ධ ළමා නිවාසය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු, දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටසක් එම විහාරස්ථානය වෙත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.