• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'සැලසුමෙන් සැනසුමක් - ලබමු කිරි කැටි බිලිඳෙක්' - මඳසරු බව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
- සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සතු තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ අඹුසැමියන් අතරින් 15%කට වඩා වැඩි ප්‍රමාණයක් මඳසරු බවෙන් පෙළෙන බව හඳුනාගෙන ඇත. එම තත්ත්වය ඇතැම් විට මානසික හා ජීවිත අර්බුදයක් බවට පත්වන අවස්ථා ද ඇත. ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය දර්ශක, සංවර්ධිත රටවල් හා ආසන්න මට්ටමකට ළඟා වී ඇති නමුත් මඳසරු බව කළමනාකරණය සඳහා දක්වනු ලබන අවධානය ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වී ඇත.

එබැවින් මඳසරු බවින් පෙළෙන අඹුසැමියන් සඳහා මනෝවිද්‍යාත්මක උපදේශනය, ක්‍රමවත් මඟ පෙන්වීම, අවශ්‍ය අවස්ථාවන්හිදී වෛද්‍ය සත්කාර සඳහා යොමු කිරීම වැනි සේවා සැලසීමේ පහසුකම් රජයේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ ස්ථාපිත කළ යුතුව ඇත. ඒ අනුව, මඳසරු බව පිළිබඳ ගැටලුව සඳහා පොදු ජනයාගේ මෙන්ම සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ ද අවධානය යොමු කරවමින්, මෙම වසරේ 'ජාතික පවුල් සැලසුම් දිනය', "සැලසුමෙන් සැනසුමක් - ලබමු කිරි කැටි බිලිඳෙක්" යන තේමාව යටතේ සැප්තැම්බර් මස 26 වන දින සැමරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.