• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මගී ප්‍රවාහන බස් ගාස්තු තීරණය කිරීම පිළිබඳව වන ප්‍රතිපත්තිය වර්තමානයට ගැළපෙන පරිදි නැවත සකස් කිරීම
- වාර්ෂිකව සිදු කරනු ලබන බස් ගාස්තු සංශෝධනය සඳහා දැනට යොදාගනු ලබන ප්‍රතිපත්තිය 2002 වර්ෂයේදී සකස් කරනු ලැබූවක් වන අතර, එම කාර්යය සඳහා කාලීන සමාජ, ආර්ථික තත්ත්වයන්ට ගැළපෙන පරිදි නව නිර්ණායකයන්ද ඇතුළත් කරමින් අලුත් ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව මතුව තිබේ. ඒ අනුව, බස් සංගම් හා මගී සංගම් සමඟ සාකච්ඡා කර, බස් ගාස්තු සංශෝධනය කිරීමේ කාර්යය සඳහා යොදා ගැනීම සඳහා නව ප්‍රතිපත්තියක් සකස් කිරීම පිණිස අදාළ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් පත් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.