• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මීතොටමුල්ල කසළ බහාලුම් ස්ථානයේ සිදු වූ නායයෑම හේතුවෙන් ඉවත් කරන ලද නිවාස හිමියන් සඳහා රුපියල් 50,000/-ක නිවාස කුලී දීමනාව ලබා දීම
•- 2017-04-14 දින කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි කසළ බහාලුම් ස්ථානයේ සිදු වූ නායයාම හේතුවෙන් නිවාස අහිමි වූ සහ පදිංචි නිවාස අධි අවදානමකට ලක් වූ පවුල් එම නිවාසවලින් ඉවත් කරන ලද අතර ඉන් පවුල් 91ක් සඳහා මේ වන විට විකල්ප නිවාස ලබා දෙනු ලැබ තිබේ. තවත් පවුල් 60ක් විකල්ප නිවාස ලබාගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති අතර, එම පවුල් 60ද ඇතුළත්ව මෙම ආපදාව හේතුවෙන් තවදුරටත් අවතැන්ව සිටින පවුල් 141ක් සඳහා 2017 අගෝස්තු මාසය සඳහාද රුපියල් 50,000/-ක නිවාස කුලී මාසික දීමනාව ලබා දීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.