• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුලුනු මත ඉදි කරනු ලබන (Elevated Highway) වරාය ප්‍රවේශ මහාමාර්ග ව්‍යාපෘතිය - ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා මහල් දහ හතකින් යුත් නව කාර්යාල ගොඩනැඟිල්ලක් සහ කම්හල් හතරක් ඉදි කිරීම
- යෝජිත වරාය ප්‍රවේශ මාර්ග ව්‍යාපෘතිය 2018 පෙබරවාරි මාසයේදී ආරම්භ කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ගොඩනැඟිලි හා පහසුකම් පිහිටි කොටස හරහා එම ප්‍රවේශ මාර්ගය ඉදි කිරීමේ කටයුතු 2018 දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඉවත් කිරීමට සිදුවන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ගොඩනැඟිලි වෙනුවට මහල් දහ හතකින් යුත් නව කාර්යාල ගොඩනැඟිල්ලක් සහ කම්හල් හතරක් ඉදි කිරීමට නියමිතය. එම ඉදි කිරීම් කටයුතු නොපමාව ආරම්භ කිරීමේ අරමුණින් ඊට අදාළ උපදේශක සේවා සැපයීම සඳහා වන යෝජනා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙතින් කැඳවීමටත්, එම යෝජනා ඇගයීමට ලක් කර අදාළ කොන්ත්‍රාත් පිරිනැමීමටත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.