• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මැදි ආදායම් නිවාස හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන කඩිනම් වැඩසටහන
- මැදි ආදායම්ලාභීන්ට නිවාස සැපයීමේ අරමුණින්, අධිවේගී මාර්ග, මහාමාර්ග හා දුම්රිය මාර්ග ආදිය කේන්ද්‍ර කරගනිමින් නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශයන්හි නිවාස හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩසටහනක්, පෞද්ගලික අංශයේ සහභාගිත්වය ඇතිව රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. මෙවැනි ව්‍යාපෘති හතරක් වාද්දූව, හෝමාගම, ජල්තර හා රාගම යන නගර ආශ්‍රිතව දැනට ආරම්භ කර ඇති අතර, තවත් ව්‍යාපෘති කිහිපයක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව, යෝජිත ඉදිරි නිවාස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, මාතලේ, බදුල්ල සහ මාතර යන දිස්ත්‍රික්කයන්හි පිහිටි, රජයට අයත් ඉඩම් කැබලි කිහිපයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත ලබා දීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.