• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගංවතුර හා නායයෑම් හේතුවෙන් හානියට පත් කුඩා තේ වතු හිමියන්ට සහන සලසා දීම
- 2017 මැයි මාසයේ ඇති වූ ගංවතුර හා නායයෑම් තත්ත්වය හේතුවෙන් ගාල්ල, රත්නපුර, මාතර, හම්බන්තොට, කළුතර, කොළඹ හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල කුඩා තේ වතු හිමියන්ගේ වගා බිම් හෙක්ටයාර 457.37ක් පූර්ණ වශයෙන්ද, වගා බිම් හෙක්ටයාර 1,823.10ක් අර්ධ වශයෙන්ද හානියට පත් වී ඇත. එලෙස හානි වී ඇති තේ වගාවන් නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පැල හා පොහොර ලබා දීමටත්, විපතට පත් කුඩා තේ වතු හිමියන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා මූල්‍ය ආධාර ලබා දීමටත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.