• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෝටර් වාහන පනත සංශෝධනය කිරීම
- දිනෙන් දින ඉහළ යන රථවාහන අනතුරු අවම කරමින් මාර්ග ආරක්ෂාව තහවුරු කර ලීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට රජය කටයුතු කරමින් සිටියි. ඒ අනුව, යෝජිත ‘රියැදුරු අවාසි සහගත ලකුණු ක්‍රමවේදය’ (Driver's demerit points system) ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ බලතල, මහේස්ත්‍රාත්වරුන් හා පොලිස් නිලධාරින් වෙත පැවරීම, අන්තරායදායක රසායන ද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන වාහන, හදිසි සේවා වාහන හා පොදු සේවා වාහන ධාවනය කරනු ලබන රියැදුරන් සතු විය යුතු විශේෂ සුදුසුකම් ප්‍රකාශයට පත් කිරීම, මෝටර් වාහන සඳහා අදාළ වේග සීමා නියාමනය, ස්ථානීය දඩ මුදල් ගෙවීම සඳහා විද්‍යුත් තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම, ආබාධ සහිත තැනැත්තන් විසින් භාවිත කරනු ලබන වාහන ඇතුළු විශේෂිත වාහන වර්ග ලියාපදිංචි කිරීම සඳහා නව වාහන පංති හඳුන්වා දීම, මෝටර් වාහන පනතේ ප්‍රකාශිතව දඬුවම දක්වා නොමැති යම් වරදක් සඳහා අදාළ කර ගනු ලබන පොදු දණ්ඩනය සංශෝධනය කිරීම ආදී මෝටර් වාහන පනතට කාලීනව සිදු කළ යුතු සංශෝධන හඳුන්වා දීම සඳහා එම පනතේ අදාළ වගන්ති හා II වන උපලේඛනය සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත, රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.