• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය යටතේ පවතින ආයතන සඳහා වාහන හා යන්ත්‍රෝපකරණ සැපයීම
- තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව යන ආයතනයන්හි කාර්යසාධනය ඉහළ නැංවීමේ අරමුණින්, එම ආයතන සඳහා අත්‍යවශ්‍ය වාහන හා යන්ත්‍රෝපකරණ සපයා ගැනීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් 2018 හා 2019 වර්ෂවලදී ඒ සඳහා ප්‍රතිපාදන සලසා දීමටත්, එහි මුල් පියවර වශයෙන් 2018 වර්ෂය තුළ රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන සලසා දීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.