• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පවත්නා දැඩි නියං තත්ත්වය හේතුවෙන් රක්ෂිත ප්‍රදේශ ගිනි ගැනීම්වලින් වළක්වා ගැනීම සහ වනසතුන් සඳහා ජලය සැපයීම
- ශ්‍රී ලංකාව තුළ දැනට පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් ආහාර හා ජලය හිඟ වීම නිසා වනසතුන් දැඩි පීඩ‍ාවකට පත්ව සිටින අතර රක්ෂිත වනාන්තර ප්‍රදේශවල සිදු වන ගිනි ගැනීම් නිසා එම වනසතුන්ගේ වාසස්ථාන අහිමි වීමේ තර්ජනයක්ද මතු වී තිබේ. එබැවින් රක්ෂිත වනාන්තර ප්‍රදේශ ගිනි ගැනීම්වලින් ආරක්ෂා කරගැනීම සඳහාත්, වනසතුන් සඳහා ජලය සැපයීම සඳහාත් ට්‍රැක්ටර් ජල බවුසර් 10ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.