• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත කන්තලේ සීනි කර්මාන්තායතනය පිහිටි භූමියේ ඇති ගොඩනැඟිලි සහ භාණ්ඩ හා යන්ත්‍රෝපකරණ ඉවත් කිරීම
- දැනට අවුරුදු 23කට ආසන්න කාලයක් තිස්සේ වසා දමා තිබෙන සීමාසහිත කන්තලේ සීනි කර්මාන්තායතනයේ නිෂ්පාදන කටයුතු රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ නැවත ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා අදාළ කර්මාන්තශාලා භූමිය නිදහස් කිරීමට ප්‍රථම එහි ඇති ඉවත් කළ යුතු සියලුම ගොඩනැඟිලි කඩා ඉවත් කිරීම සහ භාණ්ඩ හා යන්ත්‍රෝපකරණ විකිණීම සඳහා මිල ගණන් කැඳවනු ලැබ ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 540ක ඉහළම මිල ඉදිරිපත් කරනු ලැබූ ලංසුකරු වෙත අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.