• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රතිශක්ති ඌනතා සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන ඖෂධ මිල දී ගැනීම
- ප්‍රතිශක්ති ඌනතා සහිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන අත්‍යවශ්‍ය ඖෂධයක් වන අන්තඃශෛරික භාවිතය සඳහා වූ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ග්‍රෑම් 5‑6 එන්නත් 6,500ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් 637,000 ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.