• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පඹහින්න ජල සම්පාදන ක්‍රමය ඉදි කිරීම
- රත්නපුර දිස්ත්‍රික්කයේ, පඹහින්න, මුත්තෙට්ටුවේගම, පුවක්ගහවෙල, කරගස්තලාව, කින්චිගුනේ සහ කුඹල්ගම යන ප්‍රදේශවල පදිංචි ජනතාවට සහ සබරගමුව විශ්වවිද්‍යාලය වෙත සුරක්ෂිත පානීය නළ ජලය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන පඹහින්න ජල සම්පාදන ක්‍රමය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,019.47 ක මුදලකට පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.