• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නඩු තීන්දුවේ හෝ අවසානාත්මක තීන්දු ප්‍රකාශයේ සහතික කළ පිටපතක් නඩුවේ එක් එක් පාර්ශ්වය වෙත ගාස්තු රහිතව නිකුත් කිරීම
- නඩු තීන්දුවේ හෝ අවසානාත්මක තීන්දු ප්‍රකාශයේ සහතික කළ පිටපතක් ගාස්තු අය කිරීමෙන් පසුව නඩුවේ එක් එක් පාර්ශ්වකරුවන් වෙත නිකුත් කළ හැකි බවට විධිවිධාන සිවිල් නඩු විධාන සංග්‍රහයේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ දැක්වේ. එහෙත්, නඩු තීන්දුව හෝ තීන්දු ප්‍රකාශය ලබාගැනීම සඳහා ඇතැම් නඩුවල පාර්ශ්වකරුවන්ට මුදල් නොමැති බව නිරීක්ෂණය කෙරේ. එබැවින් යුක්තිය පසිඳලීම සහතික කිරීමට සහ අධිකරණ පද්ධතියේ අභිවෘද්ධිය සඳහා නඩු කටයුත්තේ එක් එක් පාර්ශ්වය වෙත නඩු තීන්දුවේ හෝ තීන්දු ප්‍රකාශයේ එක් සහතික කළ පිටපතක් ගාස්තු රහිතව නිකුත් කිරීමට හැකිවන පරිදි විධිවිධාන ඇතුළත් කරමින් සිවිල් නඩු විධාන සංග්‍රහය පනත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.