• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඕසෝන් මිතුරු තේ ලාංඡනය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා ඇඳුමට එක් කිරීම
- ඕසෝන් ස්ථරයට හානිකර මීතයිල් බ්‍රෝමයිඩ් (Methyl Bromide) හෙවත් බ්‍රෝමොමීතේන් (Bromo-methane) රසායනික ද්‍රව්‍යය භාවිතය සීමා කළ යුතු බවට ඕසෝන් වියන සුරැකීම සඳහා වූ මොන්ට්‍රියල් සන්ධානය විසින් 1992 වසරේදී තීරණය කරන ලදී. ඒ අනුව, විකල්ප තාක්ෂණික ක්‍රම වෙත යොමුවීම මඟින් විශේෂයෙන්ම තේ වගාව තුළ පළිබෝධනාශකයක් වශයෙන් භාවිත කරන ලද එම රසායනික ද්‍රව්‍ය මුළුමනින්ම භාවිතයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති අතර එය ජාත්‍යන්තර ඇගයීමටද ලක් වී ඇත.

මෙම ජයග්‍රහණය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් 'ඕසෝන් මිතුරු තේ ලාංඡනය' (Ozone Friendly Tea Logo) හඳුන්වා දෙනු ලැබ ඇති අතර, ඕසෝන් මිතුරු තේ නිෂ්පාදනය කරන රටක් වශයෙන් ශ්‍රී ලංකා තේ ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ක්‍රීඩා ඇඳුමට එම ලාංඡනය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතන සමඟ සාකච්ඡා කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.