• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගම්මිරිස් මිල අවපාතය කළමනාකරණය කිරීම
- ජාත්‍යන්තර වෙළඳ පොළ තුළ සහ දේශීය වෙළඳ පොළ තුළ ගම්මිරිස් මිල මේ දිනවල පහළ ගොස් තිබීම හේතුවෙන් ගම්මිරිස් වගාකරුවන් විවිධ අපහසුතාවන්ට පත්ව තිබේ. ගම්මිරිස් ගොවියාගේ ජීවනෝපාය හා අදායම් සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් මේ පිළිබඳ කරුණු පරීක්ෂා කර අමාත්‍ය මණ්ඩලය වෙත නොපමාව වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමා, ආපදා කළමනාකරණ අමාත්‍යතුමා, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමා සහ වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගේ සාමාජිකත්වයෙන් යුත් අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.