• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය ස්ථාපිත කිරීම
- උත්තර භාරතීය ශාස්ත්‍රීය ශික්ෂණය දේශීය හැඩතලයකට අවනත කොට මෙරට ජන සංගීතයද යොදා ගනිමින් දේශීය ලක්ෂණවලින් හෙබි සංගීත සම්ප්‍රදායක් බිහි කිරීමට පුරෝගාමී වූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් ගොඩනඟන ලද සංගීත අභාසය සහ නිර්මාණ මෙරට ජාතික උරුමයක් ලෙස සැලකිය හැකිය. එම උරුමය අනාගත පරපුරටද විඳ ගැනීමට හැකිවන පරිදි සුරක්ෂිත කිරීමේ අරමුණින් සංගීතයට සම්බන්ධ සියලු අංග හා යටිතල පහසුකම්වලින් සමන්විතව 'අමරදේව අසපුව' පිහිටුවීමට රජය විසින් යෝජනා කරනු ලැබ තිබේ.

ඒ අනුව, අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය ලෙස පාර්ලිමේන්තු පනතක් මඟින් සංස්ථාපනය කිරීමෙන් අමරදේව අසපුව ස්ථාපිත කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.